ඕස්ට්‍රේලියාව සහ වනවාටු රාජ්‍යය ඩොලර් මිලියන 328 ක ආරක්ෂක සහ ව්‍යපාරික ගිවිසුමකට එකඟ වී තිබෙනවා.
ආරක්ෂක සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව සහ වනවාටු රාජ්‍ය වසර 10 ක ගිවිසුමකටයි එකඟ වී තිබෙන්නේ.
එය මාස ගණනක සාකච්ඡාවල ප්‍රතිඵලයක් බවයි දෙරටේ නායකයන් පවසන්නේ.
මෙම ගිවිසුමට ලබන මාසයේදී නිල වශයෙන් අත්සන් තැබීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාව පවසන්නේ වනවාටු අගනුවර වන පෝර්ට් විලා සහ එරට විශාලතම දූපත වන සැන්ටෝහි විශාල දත්ත මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීම සඳහා අරමුදල් සපයන බවයි.
දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමේ කටයුතුවලට ද මිලියන ගණනක් වැය කරනු ඇති.