එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රත්රන් තීරුබදුවලින් නිදහස් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ හේතුවෙන් රත්රන් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ස්විට්සර්ලන්තයෙන් සහ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ හා පිරිපහදු මධ්‍යස්ථානවලින් නැව්ගත කරන ලද රන් බාර් රන් මිල ගණන් බ්‍රහස්පතින්දා (7) සහ සිකුරාදා (8) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණා.
ස්විට්සර්ලන්තයෙන් ආනයනය කරන රත්රන්, සුඛෝපභෝගී ඔරලෝසු, චොකලට් සහ චීස් ඇතුළු සියලු භාණ්ඩ සඳහා සියයට 39ක තීරු බද්දක් පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු එක්සත් ජනපද රත්රන් අවුන්සයක් ඩොලර් 3,407ක් දක්වා සියයට 2.4කින් පහත වැටී තිබෙනවා.
ජූලි මාසයේදී එක්සත් ජනපද උද්ධමනය සියයට 2.7ක් ලෙස නොවෙනස්ව පැවති බව දත්ත පෙන්වා දීමෙන් පසු රන් මිල ඉහළ ගොස් තිබෙනවා.
එසේ වුවද එය ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා තරමක් අඩු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.