Latest News

ගාසා තීරයේ තවත් 73 දෙනෙකු ඊශ්‍රායලයේ බිලි බවට පත්වෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාධ්‍යවේදීන් ඝාතනය කිරීමෙන් ලොවම කම්පනයට පත්වීමේ සිදු වීමෙන් පසුව ඊශ්‍රායලය ගාසා තීරයේ තවත් 73 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායල හමුදා ඊයේ (12) ගාසා තීරය පුරා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 73 දෙනෙකු ඝාතනය වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

ඒ අතරතුර කුසගින්න හේතුවෙන් තවත් පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු, හය හැවිරිදි පිරිමි ළමයෙකු හා 30 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ අල් ජසීරා මාධ්‍යවේදීන් සිව්දෙනෙකු සහ නිදහස් සේවකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ලොව පුරා තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා.

කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා හමාස් නියෝජිත පිරිසක් ද ඊජිප්තුවට පැමිණ තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 61,599 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව 154,088ක්.

World News

Send your contact Details Today