Latest News

ට්‍රම්ප්ගේ අමුතු ගිවිසුම් එක්ක සටන් විරාමයකට යාමට සෙලෙන්ස්කි බෑ කියයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොන්බාස් (Donbas) පළාත රුසියාවට දෙමින් යුද විරාම ගිවිසුමකට එළඹීමට එකඟ නොවන බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) පවසනවා.

එසේ කළහොත් අනාගත ප්‍රහාර සඳහා මූලස්ථානයක් ‌ලෙස එය භාවිතා කළ හැකි බවටයි ඔහු අනතුරු අඟවා ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඇලස්කාවේ පැවති හමුවකට පෙර සෙලෙන්ස්කි මෙය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ට්‍රම්ප් පවසා ඇත්තේ ඕනෑම සාම ගිවිසුමකට “භූමි හුවමාරුවක්” ඇතුළත් වන අතර ඩොන්බාස් හි කොටස් යටත් කර ගැනීම පුටින්ගේ ඉල්ලීම බවයි.

රුසියානු හමුදාව, යුක්‍රේනයේ නැගෙනහිර ඩොබ්‍රොපිල්ලා (Dobropillia) නගරය අසල 10kmක් පමණ ඉදිරියට යමින් සිටිනවා.

2014 වසරේ සිට රුසියාව Luhansk සහ Donetsk හි 70% ක් පමණ සම්පුර්ණයෙන් යටත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාධ්‍යවේදීන්ට කතා කරමින් සෙලෙන්ස්කි නැවත තහවුරු කර ඇත්තේ යුක්‍රේනයේ ඩොන්බාස් (Donbas) පළාත හැර යාමේ ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර යුක්‍රේනයේ දේශසීමා බලහත්කාරයෙන් වෙනස් නොකළ යුතු බව යුරෝපා සංගම් නායකයින් ද පවසා තිබෙනවා.

World News

Send your contact Details Today