Netflix Plan සඳහා වන මිල ඉහළ දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව Netflix සඳහා ඔස්ට්‍රේලියාවේ දායකත්ව මිල ගණන් 10% කින් පමණ වැඩි කර ඇති අතර, එහි සැලසුම් වලට මසකට ඩොලර් 2–3 ක් එකතු කර තිබෙනවා.
එය කාණ්ඩ 3 ක් යටතේ පිරිවැය ඉහළ දමා වසරකට වැඩි කාලයකට පසුවයි මෙම නව මිල ගණන් සමග නැවත එම වෙබ් අඩවිය යාවත්කාලීන කර ඇත්තේ.
දැන්වීම් සහිත Standard Netflix Plan එක මසකට ඩොලර් 7.99 සිට ඩොලර් 9.99 දක්වා ඉහළ ගොස් ඇති අතර එමඟින් එය වසරකට ඩොලර් 24 ක මිල ඉහළයාමක් සිදුව තිබෙනවා.
එමෙන්ම දැන්වීම් නොමැතිව Standard Plan එක ද මසකට ඩොලර් 2 කින් ඩොලර් 18.99 සිට ඩොලර් 20.99 දක්වා වැඩිවී ඇතැයි සඳහන්.
වඩාත්ම මිල අධික වන Premium Netflix Subscription Plan මසකට ඩොලර් 25.99 සිට ඩොලර් 28.99 දක්වා ඩොලර් 3 කින් ඉහළ ගොස් තිබෙනවා.
නව සැලස්මට අනුව ඔබේ Netflix Plan එකට අමතර සාමාජිකයෙකු එකතු කිරීමේ පිරිවැය ද වැඩි කර ඇති අතර දැන්වීම් සහිත සම්මත සැලැස්මට අමතර පරිශීලකයෙකු එක් කිරීමට ඔබට මසකට ඩොලර් 6.99 ක් දැන් වැය වන අතර එය ඩොලර් 5.99 සිට ඉහළ දමා තිබෙනවා.
දැන්වීම් නොමැතිව Standard Plan එකට කෙනෙකු එකතු කිරීමේ පිරිවැය දැන් ඩොලර් 7.99 සිට ඩොලර් 8.99 දක්වා ඉහළ යනු ඇති.
2024 මැයි මාසයේ මිල වෙනස් කිරීමත් සමග, Netflix Axed හි පිරිවැය මාස 12 කට වැඩි කාලයක් තුළ සියයට 43 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දැන්වීම්-රහිත Netflix Plan ද එම කාල රාමුව තුළ සියයට 25 කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී Netflix එහි ඩොලර් 12.99 ක Basic Plan ඉවත් කළ අතර, පරිශීලකයින්ට දැන්වීම් නොමැතිව Streaming Content භුක්ති විඳීම වඩාත් මිල අධික වනු ඇති.