Latest News

බටහිර රටවලින්, ඊශ්‍රායලයට විරෝධයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරය සම්පූර්ණයෙන් අත්පත් කරගැනීම සදහා වන අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟ, බටහිර රටවලින් ඊට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජර්මනිය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් මෙසේ විරෝධය පළ කර තිබෙන බවයි එම වාර්තා පැවසුවේ.

ගාසා පලස්තීනුවන්ගේ අයිතීන් සුරැකීමට ඊශ්‍රායලය පියවරගත යුතු බව බටහිර රටවල් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිලිගැනීමට තමන් කටයුතු කරන බව ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය පමණක් නොව, කැනඩාව ද තීරණය කර තිබෙනවා.

ගාසා තීරයේ සම්පූර්ණ බලය ඊශ්‍රායලය අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නම්, තමන් ඊට කිසිදු විරෝධයක් නොදක්වන බවයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත්තේ,

World News

Send your contact Details Today