Latest News

ඔස්ට්‍රේලියාවේ විශාලම කොරල්පරයේ පාට වෙනස් වෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවතම වාර්තාවකට අනුව, මහා බාධක පරයේ (Great Barrier Reef) කොරල් පරය දැඩි ලෙස හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 40 කට පමණ පෙර වාර්තා වූ දා සිට මහා බාධක පරයේ කොටස් කොරල් ආවරණයේ විශාලතම වාර්ෂික පහත වැටීමට ලක්ව ඇති බවයි බලධාරීන් පවසන්නේ.

ඔස්ට්‍රේලියානු ගල්පරවල උතුරු සහ දකුණු ශාඛා දෙකම වඩාත් පුළුල් ලෙස හානියට ලක් වූ බව ඔස්ට්‍රේලියානු සමුද්‍ර විද්‍යා ආයතනය (Australian Institute of Marine Science [AIMS]) සොයා ගෙන තිබෙනවා.

මෑත මාසවලදී ඇතිවූ නිවර්තන සුළි සුළං සහ කොරල් අනුභව කරන starfish වැනි මාළු බෝ වීම හේතුවෙන් බවයි පෙන්වාදෙන්නේ.

AIMS අනතුරු අඟවන්නේ කොරල් ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ නොහැකි වන අතර අධික උණුසුම හේතුවෙන් කොරල්පර සුදු පැහැයට හැරීම සිදුවන බවයි.

AIMS විසින් 2024 අගෝස්තු සහ 2025 මැයි අතර කාලය තුළ කොරල්පර 124 ක සෞඛ්‍යය සමීක්ෂණයෙනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

මහා බාධක පරය යනු විශ්මයජනක ජෛව විවිධත්වයක් ඇති කිලෝමීටර් 2,300 (සැතපුම් 1,429) ක වපසරියක් සහිත ලොව විශාලතම කොරල්පරවලින් එකක් වනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම ගල්පරය වන නින්ගලූහි වර්ණවත් කොරල් පර සුදු පැහැයට හැරෙමින් තිබෙන බව බලධාරීන් අනතුරු අඟවනවා.

World News

Send your contact Details Today