රුසියා – යුක්‍රේන යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් අගෝස්තු 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.
ඒ, අනුව ගෝස්තු 15 වන දින ඇලස්කාවේ දී පුටින් ජනාධිපතිවරයා හමුවීමට අපේක්ෂා කරන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
මීට පෙර එනම් 2019 වසරේ දී මෙම රාජ්‍ය නායකයින් දෙදෙනා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.
ට්‍රම්ප් ඇලස්කාවේ දී පුටින් හමුවීමේ සැලැස්ම ප්‍රකාශයට පත් කළ වහාම, ක්‍රෙම්ලිනය පවසන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරයාට රුසියාවට ආරාධනා කිරීමට ද සූදානම් බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව ධවල මන්දිරය තවමත් අදහස් දක්වා නැහැ.
රුසියාවට අවසන්වරට ගිය එක්සත් ජනපද ජනාධිපතිවරයා වූයේ බැරක් ඔබාමා වන අතර, ඔහු 2013 දී ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති G20 සමුළුවට ඔහු සහභාගී වුණා.