Latest News

වෙනිසියුලා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට සහය දෙන අයෙකුට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 50 ක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනීමට සහාය ලබා දෙන්නෙකුට අමෙරිකා ඩොලර් මිලියන 50 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව අමෙරිකාව නිවේදනය කරනවා.

ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙනිසියුලා ජනාධිපතිවරයා බවයි අමෙරිකාව පවසන්නේ.

එබැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දෙන්නෙකුට අමෙරිකා ඩොලර් මිලියන 50 ක මුදලක් ලබා දෙන බව ඔවුන් අද (08) නිවේදනය කළා.

වෙනිසියුලා ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කිරීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් කටයුතු කරන ආකාරය දැකිය හැකියි.

පසුගිය ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ද නිකොලස් මධුරෝ ධුරය සඳහා නැවතවරක් තේරී පත් වුණා.

කෙසේ වුවද අමෙරිකාවේ මෙම ක්‍රියා කලාපය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර දේශපාලනය මුල් කරගනිමින් සිදු කරන්නක් බවටයි වෙනිසියුලා විදේශ අමාත්‍යවරයා පවසන්නේ.

World News

Send your contact Details Today