Latest News

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය රැස් වී ගාසා නගරයක් ගැන ගත් අලුත්ම තීරණය

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයේ නොමැති ප්‍රදේශයක් වන ගාසා නගරය මුළුමනින්ම අත්පත් කරගැනීමේ බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ (7) රාත්‍රියේ රැස්ව තිබෙනවා.

මෙම රැස්වීමේදී නෙතන්යාහු විසින් ගාසා නගරය සම්පූර්ණ හමුදා පාලනයකට අත්පත් කරගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාසා භූමියට උතුරින් පිහිටි මෙම ගාසා නගරය හැරෙන්න, ඊශ්‍රායලය මේවන විටත් ගාසා තීරයෙන් 75%ක් පමණ පාලනය කරනු ලබනවා.

එනිසා එහි දේශසීමා රැසක් ඔවුන් විසින් මුද්‍රා තබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ගාසා තීරයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීමට නම්, එහි මිලියන දෙකක ජනගහනයෙන් වැඩි කොටසක් රැකවරණය පතා ඇති විනාශ වී නොමැති ප්‍රදේශවල ද භූමි මෙහෙයුම් දියත් කිරීමට ඊශ්‍රාලයට සිදු වෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊශ්‍රායලයේ මෙම තීරණය හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ජීවමාන ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිතවලට අනතුරක් ඇතිවනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

World News

Send your contact Details Today