වයස අවුරුදු 16 න් පහළ ළමුන් සඳහා ෆෙඩරල් රජයේ සමාජ මාධ්‍ය තහනම දෙසැම්බර් 10 වන දින සිට බලාත්මක වීමට නියමිත වනවා.
මෙම තත්වය මූලික කර ගනිමින් වෛද්‍යවරුන් සහ උපදේශකයින් විසින් දෙමව්පියන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
පළමු පියවර ලෙස YouTube සඳහා ආදේශකයක් ලෙස YouTube Kids දරුවන්ට ලබා දීම සඳහන් වනවා.
එහි දරුවන්ට සුදුසු අන්තර්ගතයන් පමණක් ඇති නිසා භාවිතය ආරක්ෂාකාරී වන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
තවද Screen Time සඳහා පැහැදිලි කාල සීමාවක් යෙදීම Wi-Fi routers හරහා Parental Controls සකස් කිරීමටද දෙමාපියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම දරුවන් භාවිතා කරන උපාංග වල තිරයන් සැම විටම දෙමාපියන්ට පෙනෙන පරිදී තැබීමට සහ නිදන කාමර සහ නාන කාමරවලින් එම උපාංග ඈත් කර තබන ලෙසයි සදහන් වන්නේ.
මෙම YouTube තහනම හේතුවෙන් දරුවන් ආවේගශීලී වීමට සහ කණගාටුවට පත් වීමට ඉඩ ඇති බැවින් සැම විටම දරුවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමද දෙමව්පියන් කළ යුතු වනවා.