Latest News

අමෙරිකා – රුසියා හාදකම් ගැන ඉන්දියාවෙන් ඔත්තු බලයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් රුසියාවෙන් සිදුකරන ආනයන සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඒ රුසියාවෙන් සිදුකරන තෙල් ආනයන පදනම් කරගනිමින් ඉන්දියාවට ඉහළ තීරු බදු පැනවීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක වීම විශේෂත්වයක්.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය පවසන්නේ 2025 ජනවාරි සහ මැයි අතර කාලයේදී අමෙරිකාව රුසියාවෙන් සිදු කළ ආනයනය වසරින් වසර සියයට 23 කින් එනම් ඩොලර් බිලියන 2.1 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

එලෙස සිදුකරන ආනයනය අතර බොහෝ දුරට යුරේනියම් සහ පොහොර අයත් බව ද ඉන්දියාව සඳහන් කරනවා.

එමෙන්ම අමෙරිකාව මෙම ආනයන සිදුකර ඇත්තේ රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක නොතකා බවද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

අමෙරිකාව විසින් රුසියාවෙන් යුරේනියම් ආනයනය වසරින් වසර සියයට 28කින්, ඩොලර් මිලියන 596ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2021 ට වඩා සියයට 150කින් ඉහළ යාමක් බවද එම වාර්තා පෙන්වා දෙනවා.

World News

Send your contact Details Today