Latest News

ඔස්ට්‍රේලියාව පුරා බෝ වන වෛරසයක් නිසා රෝගීන් 120,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ මේ දක්වා ඔස්ට්‍රේලියාව පුරා ශ්වසන ආශ්‍රිතව බෝවන වෛරසයක් හේතුවෙන් රෝගීන් 120,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී තිබෙනව බව නවතම සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිනෙන් දින මෙම වෛරසයෙන් රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බැවින් $ 300 ක් වන RSV එන්නත නොමිලේ ලබාදෙන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා ඇත්තේ.

බෝවන රෝග පිළිබඳ මාතෘ අධ්‍යක්ෂ මහාචාර්ය පෝල් ග්‍රිෆින් පවසන්නේ, රෝග ලක්ෂණ දරුණු විය හැකි අතර, වෛරසය වැළඳුණු සමහර වැඩිහිටියන් රෝහල් වෙත රැගෙන එන බවයි.

මෙහි රෝග ලක්ෂණ ලෙස හිසරදය, පපුවේ හුස්ම හිරවීම, නාසයෙන් දියර ගැලීමක් සිදුවනු ඇති.

මෙම වෛරස වෙනුවෙන් ගර්භනී කාන්තාවන් සඳහා නොමිලේ RSV එන්නතක් ලබා ගත හැකි වන නමුත් වෙනත් ඕනෑම කෙනෙකුට, එන්නතක මිල ඩොලර් 300 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

සායනිකව නිර්දේශ කරනු ලබන අය සඳහා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට RSV එන්නත එකතු කිරීමට ඕස්ට්‍රේලියානු රජය දිරිමත් කළ යුතු බව පෙනහළු පදනමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් බෲක් පවසනවා.

වයස අවුරුදු 60 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් සඳහා දැනට අනුමත කර ඇති RSV එන්නත් තුනක් ඇති නමුත් නොමිලේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කිරීම සඳහා ඒවා ඖෂධ ප්‍රතිලාභ උපදේශක කමිටුව විසින් සලකා බැලිය යුතු වනවා.

World News

Send your contact Details Today