Latest News

ඩොලර් මිලියන ගණනක එන්නත් ව්‍යාපෘතියක් අමෙරිකාවෙන් අත්හිටුවයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එන්නත් සංවර්ධනය සඳහා වන අරමුදල්වලින් ඩොලර් මිලියන 770 ක් කපා හැරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ්-19 සහ උණ වැනි ශ්වසන වෛරස් වලට එරෙහිව සටන් කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ඇතැම් එන්නත් සඳහා කොන්ත්‍රාත්තු අවලංගු කර අරමුදල් ඉවත් කරන බවයි එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

mRNA තාක්ෂණය භාවිතයෙන් එන්නත් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් (ඩොලර් මිලියන 770 ක්) වටිනා ව්‍යාපෘති 22 ක් නවතා දමන බව ජනාධිපති අපේක්ෂක රොබට් එෆ්. කෙනඩි ජුනියර් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙනඩි විසින් COVID-19 එන්නත් පිළිබඳ නිර්දේශ ඉල්ලා අස්කර ගෙන ඇති අතර, එන්නත් නිර්දේශ කරන මණ්ඩලය විසුරුවා හැර ඇතැයි ද වාර්තා වනවා.

සෞඛ්‍ය ලේකම්වරයා තම සමාජ මාධ්‍ය ගිණුම්වල වීඩියෝවකින් mRNA එන්නත් විවේචනය කර ඇති අතර, උණ, COVID-19 සහ H5N1 වැනි වෛරස්වලට එරෙහිව ආරක්ෂාව සපයන Pfizer සහ Moderna ඇතුළු එන්නත් සපයන ඖෂධ සමාගම් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘති අවලංගු කිරීමේ තීරණය ඉන් පැහැදිලි කරනු ලැබුවා.

කෙනඩි එහිදී පවසා ඇත්තේ mRNA ව්‍යාපෘති වෙනුවට, ආරක්ෂිත සහ පුළුල් ආවරණයක් ලබාදිය හැකි නවතම එන්නත් ක්‍රමවේදවලට මුදල් ආයෝජනය කරමින් සිටින බවයි.

කෙසේවෙතත්, mRNA තාක්ෂණය ආරක්ෂිත වන අතර 2020 කොරෝනා වසංගතය අවම කිරීමේ දී එය මිලියන ගණනක්ගේ ජීවිත ගලවා ඇති බවයි වසංගත රෝග විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.

World News

Send your contact Details Today