රටවල් 42ක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට වීසා අවශ්‍යතා නොමැතිව, Visa on Arrival හෝ ඉලෙක්ට්‍රොනික වීසා අවසරය (ETA) මත ගමන් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
2025 Henley Passport Index අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණියා.
ඒ අනුව Sri Lankan Passport ස්ථාන පහක් ඉදිරියට පැමිණ ගෝලීය වශයෙන් 91 වන ස්ථානයට පත්ව ඇති අතර ඉරානය සමඟ එම ස්ථානය බෙදා ගනු ලබනවා.
මෙම විශේෂ වාසිය මඟින් ජාත්‍යන්තර සංචාර වඩාත් පහසු කිරීමට සැලසුම් කර ඇති අතර, විවේක හෝ ව්‍යාපාරික චාරිකා සඳහා අවශ්‍ය කාලය සහ ලේඛන කටයුතු අවම කරනු ලබනවා.
මෙම ගමනාන්ත බොහොමයක් ආසියාවේ සහ පැසිෆික් කලාපයේ පිහිටි ඒ්වායි.
අප්‍රිකාව, කැරිබියන් සහ ඇමරිකානු රටවල් කිහිපයක් ද ඊට අයත් වනවා.
මේ අතර ශ්‍රී ලාංකික සංචාරකයින්ට විවිධ සංස්කෘතික, ආර්ථික සහ සංචාරක අත්දැකීම් ලබා ගැනීමට මේ යටතේ පහසුකම් සලසා දී තිබෙනවා.
අදාළ රටවල් ලැයිස්තුව පහත පරිදි වනවා…


