Latest News

ඩෙන්මාර්කයේ සත්තු වත්තක බලධාරීන් ජනතාවගෙන් සිදු කළ අමුතු ඉල්ලීම

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩෙන්මාර්කයේ සත්වෝද්‍යානයක බලධාරීන් විසින් එහි සිටින විලෝපිකයන්ට ආහාර සැපයීමේ සුවිශේෂී ක්‍රමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සත්වෝද්‍යාන බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන් සතු එහෙත් අනවශ්‍ය සුරතල් සතුන් ඒ සඳහා පරිත්‍යාග කරන ලෙසයි.

ඩෙන්මාර්කයේ Aalborg හි සත්වෝද්‍යානය මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ කුකුළන්, හාවුන් සහ ගිනිපිග් සත්වයින් පරිත්‍යාග කරන ලෙස‍යි.

පුහුණු කාර්ය මණ්ඩලය විසින් එම සතුන් විලෝපිකයන්ගේ ආහාර ලෙස සකස් කරනු ඇතැයි ද සත්වෝද්‍යානය පවසනවා.

එමෙන්ම සත්වෝද්‍යානය පවසන්නේ, අශ්වයන් ද පරිත්‍යාග ලෙස පිළිගන්නා බව සහ ඔවුන්ගේ හිමිකරුවන්ට බදු සහනයකින් ප්‍රතිලාභ ලැබිය හැකි බවයි.

සත්වෝද්‍යානය තුළ සිටින විලෝපිකයන් අතර සිංහයන් සහ කොටින් ද වනවා.

World News

Send your contact Details Today