Latest News

පිලිපීනය විසින් විදේශ රටවල් කැඳවා සිදු කළ දේකට චීනයෙන් පිළිතුරු

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය පසුගිය දිනවල දකුණු චීන මුහුදේ නිත්‍ය මුර සංචාර සිදු කර තිබෙනවා.

ඒ පිලිපීනය විසින් විදේශ රටවල් කැඳවා “ඒකාබද්ධ මුර සංචාර” සංවිධාන කිරීමට ප්‍රතිචාර වශයෙන්.

පිලිපීනය දකුණු චීන මුහුදු ප්‍රදේශවල කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරමින් සිටින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශක ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා ප්‍රකාශ කළා.

එය කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමක් බවයි ඔහු පැවසුවේ.

අදාළ විධානයේ හමුදා අංශ ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව Tian Junli මහතා එහිදී පෙන්වා දුන්නා.

චීනයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් දැඩි ලෙස ආරක්ෂා කරමින් දකුණු චීන මුහුදේ සාමය කඩාකප්පල් කිරීමේ ඕනෑම හමුදා ක්‍රියාකාරකමක් නිසි පරිදි පාලනයට යටත්ව පවතින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today