ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා සිදුවන සාකච්ඡා මධ්‍යයේදී, පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත වන තුරු තමන් ආයුධ බිම තැබීමට සූදානම් නොවන බව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ප්‍රධාන ඉල්ලීම වනුයේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ වීමයි.
එහෙත්, පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත වීමෙන් පෙර නිරායුධ වීම පිළිබඳව තමන් එකඟ නොවන බව හමාස් තීවෙන් අවධාරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ප්‍රතිචාරය, අමෙරිකානු මැදපෙරදිග නියෝජිත ස්ටීව් විට් කොෆ්ට් මහතා විසින් කල ප‍්‍රකාශයක් හමාස් ආයුධ බිම තැබීමට කැමැත්ත පළකර ඇතැයි කියූ පිළිබඳව පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වලින් ප්‍රතික්ෂේපයද ලබාදී තිබෙනවා.
හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා පැවැත්වූ සාකච්ඡා පවත්නා නමුත්, හමාස් සංවිධානය යෝජිත කොන්දේසි පිළිගැනීමට තවමත් සූදානම් නොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ඊශ්‍රායලය සමග ඇතිවූ ගැටුම ආරම්භයේදී සිය ගුවන් අවකාශය වසා දැමූ ඉරානය, සටන් විරාමයෙන් පසු එය සම්පූර්ණයෙන්ම නැවත විවෘත කර තිබෙනවා.
ඉරාන සිවිල් ගුවන්සේවා ආයතනය සඳහන් කළේ, ජූනි 26 සිට ජූලි 17 දක්වා අදියර කිහිපයකින් යුතුව තම ගුවන් අවකාශය පූර්ණ වශයෙන් විවෘත කර ඇති බවත්, මෙහෙරාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොලද නැවත සාමාන්‍ය මෙහෙයුම් සඳහා විවෘත කර ඇති බවයි.