ඔස්ට්‍රේලියාවේ Protection Visa (ආරක්ෂණ වීසා) සඳහා අසත්‍ය තොරතුරු සපයන පුද්ගලයින් සඳහා දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
අසත්‍ය තොරතුරු ලබාදුනහොත් විශාල දඩ මුදලකට යටත් වීමට හෝ වසර 10 ක් දක්වා සිරදඩුවමකට ලක් විය හැකි බවයි දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
තවද අනෙකුත් වීසා අයදුම්පත් වලටද ශ්‍රේෂ්ඨාධිකරණ මට්ටමේ බලපෑමක් ඇතිවිය හැකි අතර ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට පැමිණීමටද නොහැකි වන බව සඳහන්.
Protection visa (subclass 866) ලබාදෙන්නේ මව් රටේදී පීඩාවට පත් වන හෝ ආරක්ෂාව නොමැති වීම හේතුවෙන් අවදානමක් ඇති පුද්ගලයන්ට වන අතර එමගින් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමට හැකි වනවා.
ඒ සඳහා අයදුම් කිරීමට, වලංගු වීසා බලපත්‍රයක් මත ඔස්ට්‍රේලියාවේ සිටිය යුතු අතර පැමිණීමේදී ආගමන අවසරය ලබා තිබිය යුතු වනවා.
නව පද්ධතියකට අනුව අයදුම් සලකා බැලීම 8 ගුණයකින් වේගවත් වී ඇති අතර සත්‍ය අවශ්‍යතාවයක් නොමැති අයදුම්කරුවන්ගේ අයදුම් ඉතා ඉක්මනින් ප්‍රතික්ෂේප කරනවා.
තවද නීතිමය සහතිකයක් නොමැති පුද්ගලයින්ගෙන් උපදෙස් ලබා නොගන්නා ලෙසද මුදල් ගනුදෙනු සිදු නොකරන ලෙසද සියලු අයදුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබෙනවා.