Latest News

ඔස්ට්‍රේලියාවේ ඉහළම ආරක්ෂක නිලයට ඉතිහාසයේ පළමු වරට කාන්තාවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ ඉහළම ආරක්ෂක නිලධාරියා වන ෆෙඩරල් පොලිසියේ ප්‍රධාන කොමසාරිස් ධුරය සඳහා ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් පත් කර තිබෙනවා.

AFP ජාතික ආරක්ෂක නියෝජ්‍ය කොමසාරිස් ක්‍රිසි බැරට් ඒ සඳහා රජය විසින් නිර්දේශ කරනු ලැබුවා. ‍

මෙම ඓතිහාසික පත්වීම සමඟින් ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ AFP ප්‍රධාන කොමසාරිස් තනතුර දැරූ පළමු කාන්තාව බවට බැරට් පත්වනු ඇති.

හිටපු ප්‍රධාන කොමසාරිස් රීස් කර්ෂෝ (Reece Kershaw) ධූරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීමෙන් පසුවයි මෙම පත්වීම සිදුකර ඇත්තේ.

ඔහු සැලසුම් කළ කාලයට වඩා වසරකට පෙර තනතුරෙන් ඉවත්වීමට තීරණය කරනු ලැබුවා.

2019 වසරේදී ෆෙඩරල් පොලිසියේ ප්‍රධාන කොමසාරිස් ලෙස පත් වූ කර්ෂෝ, රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සඳහා විශේෂ සේවයක් ඉටු කරනු ලැබුවා.

2024 වසරේදී ඔහුගේ ධුර කාලය වසර 2කින් දික් කළ ද, නියමිත කාලයට වඩා වසරක් කලින් විශ්‍රාම ගැනීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

මේ අතර අගමැති ඇන්තනී අල්බනීසි සඳහන් කර ඇත්තේ ඔහුගේ මෙහෙවර අතිශය වටිනා බවයි.

World News

Send your contact Details Today