Latest News

හීත්‍රෝ ගුවන්තොටුපොළට වෙනසක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපොල පුළුල් කිරීමට වන නව සැලසුම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හීත්‍රෝ ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ කටයුතු සදහා බ්‍රිතාන්‍ය පවුම් බිලියන 49ක මුදලක් වැය වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

ගුවන්තොටුපොල පුළුල් කිරීම මෙන්ම නවීකරණය කිරීමේ සැලැස්ම පිළිබද තොරතුරු මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ගුවන්තොටුපොල දැනටමත් එහි උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක බැවින් එය පුළුල් කිරීම අනිවාර්ය කාරණයක් බවයි ගුවන්තොටුපොල ප්‍රධාන විධායක නිලධාරියා සදහන් කරන්නේ.

ඒ සදහා වැය වන සියලු මුදල් පෞද්ගලික සමාගමක් හරහා ආයෝජනය කරන බවද ඔහු පවසනවා.

ගුවන්තොටුපොලේ තුන්වන ධාවන පථය ගොඩනැගීම සදහා වන සැලසුම්වලට රජය අනුමැතිය ලබාදී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටින්නේ.

World News

Send your contact Details Today