පසුගිය වසර තුළ Air India ගුවන් සමාගමේ ආරක්ෂක ක්‍රමවේදයන් උල්ලංඝනය කිරීම් 51ක් සිදු කර තිබෙන බව සොයාගෙන තිබෙනවා.
ඒ ඉන්දීය ගුවන් සේවා නියාමන අධිකාරිය විසින් පඑහි වාර්ෂික ගුවන් සේවා පරීක්ෂාවේදීයී.
පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳ වූ Air India බෝයිං 787 ගුවන් අනතුරට සම්බන්ධයක් නොතිබුණ ද, එම ඛේදවාචකයෙන් පසු මෙම සොයාගැනීම් වාර්තා වනවා.
එලෙස වාර්තා වූ ආරක්ෂක ගැටලු හතක් ඉතා බරපතළ ඒවා බව විගණකවරුන් පැවසූ නමුත් ඒ පිළිබඳ තොරතුරු ලබා දී නැහැ.
ගුවන් සේවා මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම සඳහා වූ සාමාන්‍ය පරීක්ෂාවන්හි කොටසක් ලෙස සිදු කෙරුණු ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ (DGCA) ජූලි මාසයේ විගණනයේදී තමන් “පූර්ණ විනිවිදභාවයකින් යුතුව” කටයුතු කළ බවයි Air India සමාගම පැවසුවේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තම මෙහෙයුම් පිළිබඳව තක්සේරු කිරීමට සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා නිතිපතා විගණනයට ලක් කිරීම සියලු ම ගුවන් සමාගම් සඳහා පොදු කාර්යයක් බවයි.
“අපිට එයින් සොයාගත් දේ පිළිබඳ තොරතුරු ලැබිලා තිබෙනවා, අඩුපාඩු නිවැරදි කිරීමට ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳ විස්තරත් සමග ම නියමිත කාල රාමුව ඇතුළත අපගේ ප්‍රතිචාරය ගුවන් සේවා නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කරනවා,” ලෙසයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ.