Latest News

සැණකෙළි බිමක සිදු වූ බිහිසුණු අනතුර

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞදි අරාබියේ සැණකෙළි භූමියක විනෝදාස්වාදය වෙනුවෙන් ඉදිකර තිබූ උපාංගයක් (Fairground Ride) කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුර ජෙඩා නගරයේ තායිෆ් හි අල්-හඩා ප්‍රදේශයේ විනෝද උද්‍යානයක සිදුව තිබුණා.

ඒ අනුව ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන බව සඳහන්.

මේ අතර මේ වන විටත් අනතුර සම්බන්ධයෙන් කලාපීය ආණ්ඩුකාරවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේම එම විනෝද උද්‍යානය ද වසා දැමීමට නියෝග කර තිබෙනවා.

World News

Send your contact Details Today