Latest News

අලුත් මාසයක් පටන්ගනිද්දීම ට්‍රම්ප්ගෙන්, ශ්‍රී ලංකාවට පුදුම කිරීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබෙනවා.

ඒ ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුවයි.

එමෙන්ම බංග්ලාදේශයට සියයට 20ක් ද, කාම්බෝජයට සියයට 19ක් ද, ඉන්දියාවට සියයට 25ක් ද, මියන්මාරයට සියයට 40ක තීරු බද්දක් පනවා තිබෙනවා.

තවද, පාකිස්තානයට සියයට 19ක් ද, තායිවානයට සියයට 20ක් ද, තායිලන්තයට සියයට 19ක් සහ වියට්නාමයට සියයට 20ක් ලෙසයි තීරු බදු පනවා තිබෙනවා.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.

අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබූ නව විධායක නියෝගයට, රටවල් 40 ක තීරු බදු සංශෝධන ඇතුළත් වනවා.

එම විධායක නියෝගය, අත්සන් තැබූ දින සිට දින 7 කට පසු බලාත්මක වන බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.

ඒ අනුව අගෝස්තු 07 වැනිදා සිට අමෙරිකාව පැනවූ නව තීරු බදු බලාත්මක වීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 02 වැනිදා, අමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළා.

අනතුරුව එම අනුපාත ලිහිල් කරගැනීම සදහා, අමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ආණ්ඩුව කළ සාකච්ඡාවල ප්‍රගතියක් ලෙස තීරු බදු ප්‍රතිශතය, 30%ක් දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

World News

Send your contact Details Today