අමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර නව ගනුදෙනුවකට එළඹී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මෙම ගිවිසුම යටතේ දෙරට එක්ව පකිස්ථානයේ විශාල තෙල් සංචිත සංවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, මෙම ගනුදෙනුව දෙරටටම ප්‍රයෝජනවත් වන බවත්, එය පකිස්ථානයේ බලශක්ති අංශයට නව ශක්තියක් ලබා දෙනු ඇති බවයි.