වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජමාධ්‍ය තහනමට YouTube ද ඇතුළත් වන ඔස්ට්‍රේලියානු බව රජය තහවුරු කර තිබෙනවා.
.
මීට පෙර YouTube තහනමෙන් නිදහස් කරනු ලබන බව රජය පවසා තිබුණා.
ඒ එය අධ්‍යාපනමය වශයෙන් ප්‍රයෝජනවත් විය හැකි වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, මේ වන විට ලැබී තිබෙන උපදෙස් අනුව YouTube තහනමට ඇතුළත් කළ යුතු බවයි එරට රජය තහවුරු කර ඇත්තේ.
ඔවුන් අනතුරු ඇඟවූයේ, ළමුන්ට වැඩිම හානි සිදුකරන්නේ YouTube මඟින් බවයි.
ඒ අනුව Labour රජය ලෝකයේ ප්‍රමුඛ සමාජමාධ්‍ය තහනම යටතට දැන් YouTube ද ඇතුළත් වනවා.
ළමුන්ගේ ආරක්ෂාව උදෙසා ගත් මෙම පියවර සම්බන්ධයෙන් සමාජයේ විවිධ අදහස් මතු වෙමින් පවතිනවා.