Latest News

ඔස්ට්‍රේලියාවේ පළමු රොකට්ටුවට අත් වූ අවාසනාවන්ත ඉරණම

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත පළමු orbital රොකට්ටුව වන Eris, උතුරු ක්වීන්ස්ලන්තයේ Bowen නගරයේදී ගුවන්ගත කර තත්පර 14 කට පසු විනාශ වී තිබෙනවා.

මෙම රොකට් පරික්ෂණ ගමන Gilmour Space Technologies සමාගම විසින් සිදුකළ අතර එය සුළු වෙලාවකින් පසුව අසාර්ථකව වූ බවයි වාර්තා වන්නේ.

මෙය ඔස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ තාක්ෂණයට නව පියවරක් ලෙස සැලකුණද, පළමු උත්සාහය අසාර්ථක වී තිබෙනවා.

කෙසේවෙතත් ඉන් කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති අතර Gilmour Space Technologies සමාගම පවසන්නේ මෙය ඔස්ට්‍රේලියාවේ ස්වදේශීය අභ්‍යවකාශ හැකියාවන් සඳහා ගත් විශාල පියවරක් බවයි.

මෙම වසර තුළ රොකට් කිහිපයක් ගුවන්ගත කිරීමට උත්සහ කළද කාලගුණ හා තාක්ෂණික ගැටළු හේතුවෙන් ඒවා ප්‍රමාදවූ බව සමාගම පෙන්වාදෙනවා.

ඉදිරියේදී, සමාගම ව්‍යාපාරික හා රජයේ satellites කක්ෂයට යැවීමේ අරමුණින් තවදුරටත් මෙවැනි ප්‍රයත්න සිදුකරන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today