Latest News

පලස්තීනයට සොඳුරු බලාපොරොත්තුවක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යය විසින් පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට සූදානම් බව එරට අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ ගාසා තීරයේ භයානක තත්ත්වය අවසන් කිරීමට ඊශ්‍රායලය සැලකිය යුතු පියවර නොගන්නේ නම් බි්‍රතාන්‍ය විසින් පලස්තීන රාජ්‍යය පිළිගන්නා බවයි.

සටන් විරාමයකට එකඟ වීම, ද්වි-රාජ්‍ය විසඳුමක් ලබා දෙන දිගුකාලීන තිරසාර සාමයකට කැපවීම සහ එක්සත් ජාතීන්ට ආධාර සැපයීම නැවත ආරම්භ කිරීමට ඉඩදීම ඇතුළු අනෙකුත් කොන්දේසි ද ඊශ්‍රායලය සපුරාලිය යුතු බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

එසේ නැතහොත් සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී එක්සත් රාජධානිය පලස්තීන රාජ්‍යය පිළිගන්නා පියවර ගනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

පසුගිය සතියේ ප්‍රංශය ද නිවේදනය කළේ සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යයක් නිල වශයෙන් පිළිගන්නා බවයි.

මේ වන විට රටවල් 139ක් පලස්තීන රාජ්‍ය නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

World News

Send your contact Details Today