ඉන්දියාවේ ජාර්කන්ඩ් හිදී බස් රථයක් ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ මොහාන්පූර් පොලිස් ස්ථාන සීමාව තුළ ජමුනියා වනාන්තරය අසළ දී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරිත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන්ගෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වනවා.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අනතුරට හේතුව සොයා ඉන්දීය බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.