Latest News

AI භාවිතයට නව නීති පැනවීමට සූදානමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ළමුන්ගේ ලිංගික අපයෝජන අන්තර්ගතයන් නිර්මාණය කිරීමට AI භාවිතා කිරීම අපරාධයක් ලෙස සැලකීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ස්වාධීන මන්ත්‍රී Kate Chaney පවසන්නේ AI අනිසි ලෙස භාවිතයට රජයේ පුළුල් ප්‍රතිචාරය ලැබෙන තෙක් සිටිය නොහැකි බවයි.

ඇය පෙන්වා දෙන්නේ ළමුන්ගේ ලිංගික අපයෝජන අන්තර්ගතයන් ළඟ තබාගැනීම හෝ බෙදා හැරීම අපරාධයක් වුවද, එය නිර්මාණය කරන AI භාගත කිරීම හෝ බෙදා හැරීම නීතිවිරෝධී නොවන බවයි.

තවද AI tools බිලියන ගණනක් වූ ඕනෑම පරිශීලකයෙක් වෙත පිවිසුම් ලබාදී තිබීමද මෙම ගැටලුවට හේතුවක් බවයි ඇය සඳහන් කරන්නේ.

AI භාවිතයෙන් සිදුකරන අපයෝජන Offline නිර්මාණය වන නිසා පොලිසියට එය හඳුනා ගැනීමද අපහසු වනවා.

මන්ත්‍රීවරියගේ පනත් කෙටුම්පත අනුව, AI මෙවලම් බාගත කිරීම, ලබාදීම හෝ පහසුකම් සැලසීම නව අපරාධයක් වනවා.

එමෙන්ම, AI මෙවලම් වැඩිදියුණු කිරීමට හෝ ඒවා නිර්මාණය කිරීමට දත්ත එකතු කිරීමද නව අපරාධයක් ලෙස සලකා බලනවා.

මෙම වරද සඳහා වසර 15ක සිරදණ්ඩනයක් යටතේ පියවර ගත හැකි බවද ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පතේ සඳහන්.

World News

Send your contact Details Today