ගාසා තීරයට ආහාර හා ඖෂධ ඇතුළු ආධාර තොගයක් රැගෙන ගිය යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
‘ෆ්‍රීඩම් ෆ්ලෝටිලා කොලීෂන්‘ ජාත්‍යන්තර ආයතනය විසින් සංවිධාන කළ එම මෙහෙයුමට රටවල් 10ක ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් 21 දෙනකු සහ මාධ්‍යවේදීන් දෙදෙනකු ඇතුළත්වූ බවත්, හැන්ඩලා නමැති එම යාත්‍රාව සහ පිරිස අත්අඩංගුවට ගෙන ඊශ්‍රායලයේ ඇෂ්ඩෝඩ් වරායට රැගෙන ගොස් ඇති බවත් විදෙස් සඳහන්.
අත්අඩංගුවට ගත් පිරිස අතර අමෙරිකානු ජාතිකයන් 7 දෙනකු සහ යුදෙව් ජාතිකයන් දෙදෙනකු ද සිටින බව ද වාර්තා වනවා.
නීති විරෝධී ලෙස සිය මුහුදු සීමාවට ඇතුළු වූ බවට චෝදනා කරමින් යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති අතර, එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ෆ්ලෝටිලා ආයතනය සඳහන් කර ඇත්තේ සිය යාත්‍රාව ඇතුළු වූයේ ඊශ්‍රායල මුහුදු සීමාවට නොව ජාත්‍යන්තර නීතිය යටතේ පිළිගෙන ඇති පලස්තීන මුහුදු සීමාවට බවයි.
මීට පෙර පසුගිය මාසයේ මුල් භාගයේදී ද ෆ්ලෝටිලා ආයතනයේ මෙහෙයවීමෙන් ගාසා තීරයට යාත්‍රා කළ ආධාර නෞකාවක් ඊශ්‍රායල නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, සුප්‍රකට පරිසරවේදිනයක වන ග්‍රේටා තුන්බර්ග් ඇතුළු 12 දෙනකු ද අත්අඩංගුවට පත් වී තිබුණා.