යුරෝපයෙන් සිදු කෙරෙන ආනයන සඳහා 15% ක තීරුබද්දක් පැනවීමේ අමෙරිකා යෝජනාවට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා.
ලොව විශාලතම ආර්ථිකයන් හිමි අමරිකාව හා යුරෝපා සංගමය අතර මාස ගණනාවක් පුරා පැවති මත ගැටුම අවසන් කරමින් මේ අනුව දෙරටම වෙළඳ ගිවිසුම් රාමුවකට එළඹ තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් අතර ස්කොට්ලන්තයේ දී සිදු වූ සාකච්ඡාවලින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අනුව සියලුම යුරෝපා සංගම් භාණ්ඩ සඳහා 15%ක තීරුබදු පැනවෙනු ඇති.
කෙසේ වෙතත් එය ට්‍රම්ප් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ 30%ක බදු අනුපාතයෙන් හරි අඩක්.
27 දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගම් කණ්ඩායම ඇතැම් අමෙරිකා නිෂ්පාදන සඳහා සියයට බින්දුවක එනම් ශුන්‍ය තීරුබදු සහිතව තම වෙළඳපොළ විවෘත කරන බව ප්‍රකාශ කර තිබුණා.