ඔස්ට්‍රේලියානු හමුදාව නවතම දිගු දුර මිසයිලයක් ප්‍රථම වරට අත්හදා බලා තිබෙනවා.
Mount Bundey පුහුණු කඳවුරේ සිට එය දියත් කර ඇති අතර 300km කට වැඩි දුරකින් පිහිටි ඉලක්කයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
Exercise Talisman Sabre හමුදා අභ්‍යාසයේ කොටසක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇතැයි සඳහන්.
මිසයිලය මිනිත්තු හතරයි තත්පර තුනකින් ඉලක්කය වෙත ළඟා වී ඇති අතර, පැයට කිලෝමීටර් 4,050ක පමණ වේගයකින් ගමන් කර තිබෙනවා.
එය ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයකට වඩා වැඩි වනවා.
අමෙරිකාවේ නිෂ්පාදිත PrSM ප්‍රහාරක මිසයිලයට 500km ක් දක්වා දුරින් පිහිටි ඉලක්ක වෙත නිවැරදිව පහර දිය හැකි බවයි වාර්තා වන්නේ.
අනාගත වැඩිදියුණු කිරීම් මඟින් ප්‍රහාරක පරාසය 1,000km ක් දක්වා වැඩි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එක්සත් ජනපද හමුදාව සඳහා සංවර්ධනය කරන ලද PrSM මිසයිලය, පසුගිය මාසයේ ඩොලර් මිලියන 310 ක ගිවිසුමක් යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වනු ලැබුවා.