Latest News

Smart Phones වෙනුවට නුදුරේදීම Smart Glasses

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

smartphones භාවිතය යල් පැන යාමට ආසන්න බව Meta සමාගමේ සභාපති Mark Zuckerberg ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී Augmented Reality සහ smart glasses හරහා පුද්ගලයින්ගේ දෛනික ජීවිතය හා ඩිජිටල් ලෝකය එක් කරන බවයි.

Meta සමාගම මේ වනවිටම මෙම නව තාක්ෂණයට ආයෝජනය කරමින් පවතින අතර මෙය “Metaverse” නමින් හැඳින්වෙන නව ව්‍යාපෘතියක් වනවා.

AI සහ voice control මගින් නව ආකාරයක පරිශීලක අත්දැකීමක් Smart Glasses භාවිතයෙන් ලබාගත හැකි බවයි සමාගම පෙන්වා දෙන්නේ.

මෙම තාක්ෂණය එළි දැක්වීමට පෙර ගැටලු කීහිපයක්ද මතු වී ඇති අතර ප්‍රධාන බාධක වන්නේ බැටරිය ක්‍රියා කරන කාලය අඩු වීමයි.

තවද උපාංග වලට ඉදිරියෙන් ඇති රුප සටහන් කිරීමේ හැකියාව තිබෙන නිසා, පෞද්ගලික දත්ත ආරක්ෂාවට ඇතිවන තර්ජන අවම කිරීමට ක්‍රම සොයමින් සිටින බවද සමාගම නිවේදනය කර තිබෙනවා.

බොහෝ තාක්ෂණික සමාගම් මෙම නව ඩිජිටල් වෙනස් වීම සඳහා ක්‍රියාත්මක වෙමින් සිටින අතර, Meta ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today