කාම්බෝජය සහ තායිලන්තය අතර පවතින උණුසුම් තත්ත්වය සමනය කරන ලෙස චීනය ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆු කොං විසින් චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ කාම්බෝජය සහ තායිලන්තය චීනයේ හොඳ අසල්වැසියන් පමණක් නොව, එකිනෙකාගේ මිත්‍රශීලී අසල්වැසියන් සහ ආසියාන් සංගමයේ වැදගත් සාමාජිකයන් බවයි.
ආසියාන් සංගමය සැමවිටම සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමේ සම්ප්‍රදායට අනුගත වී ඇති බවත්, මෙවැනි අවස්ථාවක සාමය තවදුරටත් ඉස්මතු වේ යැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, දෙපාර්ශ්වය අතර සන්නිවේදනයේදී චීනය මැදිහත් වීමේ කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද, චීනය ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් විධිවිධානවලට ගරු කරන බවත්, සියලු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සහ අදාළ පාර්ශ්වයන් සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.