Latest News

තායිලන්තයේ දිස්ත්‍රික්ක 08කට යුද නීතිය ප්‍රකාශයට – ආරක්ෂිත ප්‍රදේශ 06ක් වසා දැමීමට ද නියෝග

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාම්බෝජයට මායිම්ව ඇති තායිලන්තයේ දිස්ත්‍රික්ක 8කට යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය කාම්බෝජ දේශසීමාවේ ආරක්ෂිත ප්‍රදේශ 06ක් වසා දැමීමටද නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම ප්‍රදේශයේ ඇති ජාතික වනෝද්‍යාන 06ක්ද වසා දැමීමට තායිලන්තය පියවර ගෙන තිබෙනවා.

මේ අතර කාම්බෝජය සමග දේශසීමා ගැටුම් හේතුවෙන් මේ වන විට බොහෝ පිරිසක් මියගොස් ඇති බවත් එය යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවත් තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් චෙචයාචායි අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ දිනයේ ජෙට් යානා, කාලතුවක්කු, ටැංකි සහ ගොඩබිම් භටයින් සමග දැඩි සටනක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද මෙම ගැටුම් සම්බන්ධව හදිසි සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර තායිලන්තය සිය දේශසීමා ප්‍රදේශවලින් එක් ලක්ෂ 38,000කට අධික පිරිසක් ඉවත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

World News

Send your contact Details Today