Latest News

Hybrid සහ Electric වාහනවලට මාරු වීමෙන් ඔබට සිදුවන දේ ගැන නවතම පර්යේෂණයකින් හෙළි කරන දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෙට්‍රල් වාහනවලින් Hybrid සහ Electric වාහනවලට මාරු වීමෙන් ධාවන වියදම් අඩු කළ හැකි බව නව පර්යේෂණයකින් හෙළි කරගෙන තිබෙනවා.

Hybrid මෝටර් රථයක් තෝරා ගැනීමෙන් වසරකට ඩොලර් 1,000 කට ආසන්න ප්‍රමාණයක් සහ Fully Electric වාහනයක් තෝරා ගැනීමෙන් වසරකට ඩොලර් 1,500 කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බවයි ඉන් පෙන්වා දී ඇත්තේ.

Compare the Market හි නව පර්යේෂණයකට අනුව, Hybrid සහ Electric Vehicle සඳහා ඇති ආර්ථික වාසි මේ වනවිට වඩාත් ශක්තිමත් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇතැම් මෝටර් රථ ණය ලබාදෙන බැංකු Hybrid සහ Electric Vehicle සඳහා වට්ටම් සහිත පොලී අනුපාත ලබා දෙනවා.

එබැවින් රියදුරන්ට වඩා හොඳ අනුපාතයක් හරහා ලබා ගන්නා පොලී ඉතිරි කිරීම් කාලයත් සමඟ ඩොලර් දහස් ගණනක් එකතු කරගත හැකි බවයි පර්යේෂණයේදී පෙන්වා දී ඇත්තේ.

World News

Send your contact Details Today