Coca-Cola උක් සීනිවලින් සාදන ලද නව කෝක් එකක් නිකුත් කරන බව තහවුරු කර තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ සමාජ මාධ්‍ය සටහනක් මඟින් පළකර සිටියේ Coca-Cola වල අඩංගු ද්‍රව්‍ය වෙනස් කිරීමට ලක්කරන ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් Coca-Cola සමාගම උක් සීනිවලින් සාදන ලද පානයක් ඉදිරියේදී පිරිනැමීමට සූදානම් වනවා.
කෙසේවෙතත් කෝක් හි ඇතැම් පාන වර්ග සඳහා දැනටමත් උක් සීනි භාවිත කරන අතර මෙක්සිකෝවේ අලෙවි කරන කොකා කෝලා ද ඊට ඇතුළත්.
නමුත් අද නිවේදනයෙන් හෙළි වන්නේ කෝක් හි ප්‍රමුඛ වට්ටෝරුව වෙනස් නොවන බවත් ඉහළ ෆෲක්ටෝස් කෝන් සිරප් (fructose corn syrup) භාවිතා කිරීම දිගටම කරගෙන යන බවයි.
කෙසේවෙතත් අමරිකානු වෛද්‍යවරයෙකු කියාසිටියේ ඉහළ ෆෲක්ටෝස් කෝන් සිරප් මගින් තරබාරුව හා දියවැඩියා රෝගීන් බවට පත් කළ හැකි බවයි.