Latest News

අමරිකාව විසින් ජපානය සහ පිලිපීනය සමඟ වෙළඳ ගිවිසුම්වලට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජපානය සමඟ නව වෙළඳ ගිවිසුමක් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපානය විසින් අමරිකාව සමඟ ඩොලර් බිලියන 550 ක් වටිනා වෙළඳ ගිවිසුමකට මෙලෙස එකඟ වූ බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මේ වනවිට ඇමරිකාව, ජපානය සහ පිලිපීනය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹ ඇති බවයි.

එය ඔහුගේ තීරුබදු සටනේ ප්‍රධාන වර්ධනයක් බවයි ට්‍රම්ප් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ඉන්දුනීසියාව සමඟ ගිවිසුම පිළිබඳව ද අමරිකා ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා.

කෙසේ වෙතත් ලබන 1 වනදා සිට බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමරිකාව සමඟ ගිවිසුමකට එළඹ නැති ඕනෑම රටක් සඳහා වැඩිකළ තීරුබදු එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇති.

World News

Send your contact Details Today