යුනෙස්කෝ සාමාජිකත්වයෙන් තමන් ඉවත්වෙන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන එජන්සිය ඊශ්‍රායලයට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සහ බෙදුම්කාරී තත්ත්වයන් ප්‍රවර්ධය කිරීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව අමෙරිකා එක්සත් ජනපදය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැමී බෲස් සඳහන් කර ඇත්තේ යුනෙස්කෝවේ අඛණ්ඩ මැදිහත්වීම එක්සත් ජනපදයේ ජාතික අවශ්‍යතාවයට නොගැලපෙන බවයි.