මුම්බායි හි වැසි සහිත ධාවන පථයක ගොඩබෑමට උත්සාහ කළ එයාර් ඉන්දියා ගුවන් යානයක් සිදුවීමට ගිය බරපතල අනතුරකින් බේරී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ඇති අතර, එහි එක් එන්ජිමකට සහ පසුපස කොටසට හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, ගුවන් යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිතව සිටින බවයි එම වාර්තාවේ සඳහන්.
ගුවන් තොටුපළ බලධාරීන් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ධාවන පථයට ද හානි සිදුව ඇති බැවින් ගුවන් ගමන් කටයුතුවලට ද යම් බාධා ඇති විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මේ අතර බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබෙනවා.
ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පිපිරීමක් ද සිදුව ඇති අතර පසුව ගින්නක්ද හටගෙන තිබුණා
අනතුරින් එක් අයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ.