ගාසා තීරයේ ගොඩනැගිලි දහස් ගණනක් ඊශ්‍රායලය මගින් මේ වන විට විනාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
පසුගිය මාර්තු මාසයේ හමාස් සංවිධානය සමග පැවති සටන් විරාමයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඊශ්‍රායලය ගාසා තීරය පුරා ගොඩනැගිලි දහස් ගණනක් කඩා බිඳ දමා තිබෙනවා.
පසුගිය සති කිහිපය තුළ නගර පිටින්ම විනාශ කර ඇති බවයි චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ සිය ප්‍රහාර ජාත්‍යන්තර නීතියට අනුකුලව ක්‍රියාත්මක වු බවයි.