ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල විනාශ කිරීමෙන් පසු, සිරියාව සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකාව පවසනවා.
අමෙරිකාව සහ ආරාබි රටවල් කිහිපයක් එක්වයි මෙම සටන් විරාමය ගෙන ඒමටයි උත්සහ කරන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නැහැ.
දකුණූ සිරියාවේ සුවයිඩා නගරයෙහි සිරියා හමුදා සමග ගැටෙන වාර්ගික ඩෲස් හමුදාවන්ට ඊශ්‍රායලය සහාය දක්වනවා.
ඒ අනුවයි සිරියා ආරක්ෂක අමාත්‍යාංශයට සහ දකුණු සිරියාවේ රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කළේ.
ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළේ සිය හමුදා ඩෲස් සහෝදරයන් බේරා ගැනීමට කටයුතු කරන බවයි.
මෙය ද්‍රෝහි ආක්‍රමණයක් බවට සිරියා විදේශ අමාත්‍යාංශය ඊශ්‍රායලයට චෝදනා කර තිබෙනවා.
පසුගිය දින 4 තුළ මෙම සටන්වලින් 300කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.