2025 වසරේ ගෝලීය සෞඛ්‍ය වාර්තා අනුව, ලොව පුරා මිලියන 14කට වැඩි කුඩා දරුවන් කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති බව හෙළි වී තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් සරම්ප, ක්ෂය රෝගය, පෝලියෝ වැනි වැළැක්විය හැකි රෝගවලින් දරුවන් අනාරක්ෂිත තත්ත්වයක පසුවන බවයි වාර්තා වන්නේ.
මෙම එන්නත් ලබා නොදීමට ප්‍රධාන හේතුවක් ලෙස ආර්ථික අර්බුද සහ ජාත්‍යන්තර ආධාර අඩුවීම හඳුනාගෙන තිබෙනවා.
විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් වැඩසටහන් සඳහා ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය සහාය හීන වීම මෙම ගැටලුව උග්‍ර කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එසේම, යුදමය තත්ත්වයන්, ආපදා, සහ සංචාර සීමාවන් හේතුවෙන් දරුවන්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීම අපහසු වී තිබෙනවා.
ඒ වගේම, රටවල් 100කට ආසන්න ප්‍රමාණයක සරම්ප එන්නත්කරණයේ පහත වැටීමක් වාර්තා වී ඇති අතර, සෞඛ්‍ය පද්ධතිවල කාර්‍යක්ෂමතාව අඩුවීම ද මෙයට හේතුවක් වනවා.
මෙම තත්ත්වයෙන් බරපතල ප්‍රතිවිපාක රැසක් මතුවිය හැකිය. එන්නත් නොලබන දරුවන් අතර රෝග ව්‍යාප්තිය වේගවත් වීමෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය පද්ධතිවලට බලවත් පීඩනයක් ඇති විය හැකි අතර, සරම්ප වැනි රෝග හේතුවෙන් වසරකට මිලියන ගණනක දරුවන් මිය යා හැකි බව පර්‍යේෂණ හෙළි කරනවා.
ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතන අවධාරණය කරන්නේ, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් නැවත සක්‍රිය කිරීම සහ අඩු ආදායම් රටවලට මූල්‍ය ආධාර වැඩි කිරීම ඉතා අත්‍යවශ්‍ය බවයි.
එන්නත්කරණය හරහා දරුවන්ගේ ජීවිත සහ අනාගතය ආරක්ෂා කිරීම මෙම ගැටලුවට පිළියමක් ලෙස ඔවුන් පෙන්වා දෙනවා.