Latest News

ට්‍රම්ප්ගේ ගර්ජන නොතකමින් පුටින් කරන දේ මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව හා රුසියාව අතර දිනෙන් දින ඇති වන සීතල යුද්ධය හේතුවෙන් මෑත කාලීන ව ට්‍රම්ප්ගේ බලාධිපත්‍යය හමුවේ රුසියාවට විවිධ අවස්ථාවල තාඩන පීඩන එල්ල වුණා.

නමුත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ට්‍රම්ප් කෙලෙස ඝර්ජනා හා තර්ජන සිදු කළ ද රුසියානු ජනාධිපති ව්ලොඩ්මීර් පුටින් කිසිඳු ලෙසකින් කලබලයට පත් ව ක්‍රියා නොකරන බවයි.

රුසියාවට, අමෙරිකාව විසින් දැඩි සම්බාධක පනවමින් තිබෙන පසුබිමක පුටින් බටහිර රටවල් සාමය ස්ථාපිත කරලීමට තම කොන්දේසිවලට අනුගත වන තෙක් ඔහු විසින් දිගින් දිගට ම යුක්‍රේනයට එරෙහිව සටන් ක්‍රියාත්මක කරනු ලබන බවයි වාර්තා වන්නේ.

රුසියානු හමුදා ඉදිරියට යන විට ඔහුගේ භෞමික ඉල්ලීම් පුළුල් විය හැකි බව ක්‍රෙම්ලිනයට සමීප ආරංචි මාර්ග තුනක් පවසා තිබෙන බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් සහ යුක්රේන හමුදා අතර රටේ නැගෙනහිර ප්‍රදේශයේ වසර අටක සටනකින් පසු 2022 පෙබරවාරි මාසයේදී රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුල් කිරීමට නියෝග කළ පුටින්, රුසියාවේ ආර්ථිකය සහ එහි හමුදාව ඕනෑම අමතර බටහිර පියවරයන්ට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් බව විශ්වාස කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් රුසියාවට දැනුම්දී ඇත්තේ දින 50ක් තුළ සිය නියෝගයන්ට අවනත නොවුණහොත් දැඩි සම්බාධක තවදුරටත් පනවන බවයි.

World News

Send your contact Details Today