Latest News

ජලය ගන්නට ගිය ගාසා තීරයේ වැසියන් කිහිප දෙනෙකු මරු තුරුළට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාත් ප්‍රදේශයේ ජල බෙදාහැරීමේ ස්ථානයක් අසල ඊයේ (13) සිදු වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ළමුන් හය දෙනෙක් සහ තවත් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජලය සෙවීමට රැස්වූ ජනතාව ඊශ්‍රායල ප්‍රහාරවලට ලක්ව තිබෙන බවයි.

එසේම අදාළ වීඩියෝ රූප සංස්කරණවල පෙන්වා දෙන්නේ බාල්දි සහ ජල බඳුන් අසල තුවාල ලැබූ දරුවන් සහ මහජනයින් සිටි බවත් දැනටමත් අතිශය පීඩාදායක තත්වයකට ඔවුන් මුහුණ දී ඇති බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව කියා ඇත්තේ මෙය “ඉස්ලාමීය ජිහාඩ්” සාමාජිකයෙක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරයක් බවත් එය “වැරදී පිහිටීමක්” හේතුවෙන් සිවිල් පුද්ගලයන්ට හානි වී ඇති බවයි.

එසේම ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර ඇත්තේ ඉකුත් පැය 24 තුළ මළ සිරුරු 139 ක් රෝහල් වෙත රැගෙනවිත් ඇති බවයි.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙය ජූලි 2 වන දා පටන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව බව ද වාර්තා වනවා.

මේ අතර සෙනසුරාදා සහ ඉරිදා ගාසා තීරය පුරා සිදු වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම දෝහා හි පැවැත්වෙන සටන් විරාම සාකච්ඡාවලට නව යෝජනාවක් පිළිගැනීම වෙනුවෙන් ආකල්ප මැදිහත්වීම් සිදු වී ඇතත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම රජය නවතම සටන් විරාම යෝජනාවකට එකඟ වුවත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍යවලට පවසා සිටිනවා.

තවද ගාසා තීරය අනාගතයේදී ඊශ්‍රායලයට කිසිදු ආරක්ෂක තර්ජනයක් නොවන ලෙස හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

World News

Send your contact Details Today