අද්විතීය පහසුකම් සමඟ ලොව උසම හෝටලය විවෘත වීමට නියමිතයි.
ඒ අනුව ලෝකයේ උසම හෝටලය ලෙස ඩුබායි හී Ciel Tower මෙම වසර අවසානයේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
හෝටලය සම්පුර්ණ වීමෙන් පසු, ලෝකයේ උසම හෝටලය ලෙස ගිනස් වාර්තාවටද එය එක්වීමට නියමිතයි.
මේ වන විට එම ලෝක වාර්තාවටද හිමිකම් කියන්නේ ඩුබායි හී Gevora හෝටලයයි.
එම හෝටලය මහල් 82කින් සහ කාමර 1000කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වන අතර නවීන පන්නයේ සුඛෝපභෝගී කාමර 150කින් සමන්විතයි.
තවද Ciel Tower හී 76 වන මහලේ ලෝකයේ උසම පිහිනුම් තටාකයද ඇති බවයි වාර්තා වන්නේ.
16 වන මහලේ ව්‍යාපාරික පන්තියේ අමුත්තන්ට විවේක ගැනීමට සහ අද්විතීය දර්ශන දැක බලා ගැනීම සදහා Nest Executive Lounge එකක් ද නිර්මාණය කර තිබෙනවා.
අමතර පහසුකම් යටතට අති නවීන ව්‍යායාම මධ්‍යස්ථානයක්, පෞද්ගලික ළමා පිහිනුම් තටාකයක්, අවන්හල් සහ බාර් 10ක් ද ඇතුළත් වනවා.
Ciel Tower වෙත පැමිණෙන සංචාරකයින්ට Dubai Opera හි සංගීත නාට්‍ය නැරඹීමට, කාන්තාරය හරහා වායු බැලූන් සවාරි, Worlds of Adventure හී විනෝද වීමට සහ Palm Jumeirah මත skydiving යන අත්දැකීම් ලබාගත හැකි බව ද සඳහන්.