ආසියාවේ වයස්ගතම ඇතින්න ලෙස සැලකෙන “වත්සලා” මිය ගොස් තිබෙනවා.
වත්සලා මිය යන විට ඇයගේ වයස අවුරුදු 100 ක්
ඉන්දියාවේ Panna Tiger Reserve හි වත්සලාගේ අවසන් කටයුතු රක්ෂිතයේ නිලධාරීන් සහ සේවකයින් විසින් සිදු කරනු ලැබුවා.
වසර ගණනාවක් පුරා ඇය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් අතර රක්ෂිතයේ අලි රංචුවට නායකත්වය දුන්නේ ද ඇයයි.
ඇගේ අවසන් දින කිහිපය තුළ ඇස් පෙනීමද නැති වී ගොස් තිබූ අතර ඉදිරිපස කකුල් වල සහ නියපොතු වලද තුවාල ඇති වී තිබුණා.
රක්ෂිතයේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී විශේෂඥයින් විසින් වත්සලාගේ සෞඛ්‍යය නිතිපතා පරීක්ෂා කළ අතර ඒ හේතුවෙන් වත්සලා දිගු කාලයක් ජීවත් වූ බවයි වාර්තා වන්නේ.