අමරිකා එක්සත් ජනපදයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා.
එහෙත් ෆ්ලොරිඩාවේ රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ සංක්‍රමණිකයින් ආරක්ෂිතව රඳවා සිටින බවයි.
“Alligator Alcatraz,” ලෙස නම්කර ඇති මෙම රැදවුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට කොංග්‍රස් සාමාජිකයින්ට සහ රාජ්‍ය නියෝජිතයින්ට ඊයේ සීමිත සංචාරයක් සඳහා අවසර ලබාදුන්නා.
ඒ මෙම මධ්‍යස්ථානය පරීක්ෂා කිරීම සඳහා නීති විරෝධීව ඇතුළුවීම තහනම් කිරීමක් සම්බන්ධයෙන් ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්ට එරෙහිව නඩුවක් ගොනු කිරීමෙන් දින දෙකකට පසුවයි.
එහිදී නිරීක්ෂකයින්ට අනාවරණය වී ඇත්තේ දැඩි උණුසුම, කෘමීන් බෝවීම සහ සුළු ආහාර වේල් මධ්‍යයේ රැඳවියන් නිදහස ඉල්ලා කෑ ගසන බවයි.
ඔවුන්ගේ සංචාරයෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ෆ්ලොරිඩාවේ 25 වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජිත ඩෙබී වසර්මන් ෂුල්ට්ස් කියාසිටියේ සංක්‍රමණිකයින් තිස් දෙදෙනා බැගින් 900 දෙනෙකු පමණ කූඩුවල අසුරා ඇති බවයි.