Latest News

HIV රෝගීන් මිය යාමේ අවදානමට, ට්‍රම්ප්ට වගකියන්න වෙන ලකුණු

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර දින 90ක් දක්වා නවතා දමන ලෙස නියෝග කළ අතර 2025 සඳහා ගෝලීය HIV ආසාදිතයින් වෙත ලබාදීමට නියමිත ඩොලර් බිලියනක 4ක ආධාරයද අහෝසි කරනු ලැබුවා.

UNAIDS වාර්තාවන් අනුව මෙම අනපේක්ෂිත පියවර මගින් ආධාර ලබන රටවල් වල පුද්ගලයින් මිය යාම, සෞඛ්‍ය සේවා බිඳවැටීම සහ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව සඳහන් වනවා.

අරමුදල් ප්‍රතිස්ථාපනය නොකලහොත් ලොව පුරා HIV හේතුවෙන් මිය යන සංඛ්‍යාව මිලියන 4 ක් ද නව ආසාදිතයින් ගනණ මිලියන 6 කට ආසන්න විය හැකි බවයි UNAIDS අනතුරු අඟවන්නේ.

තවද 2003 වසරේදී George Bush විසින් ආරම්භ කරන ලද PEPFAR නමැති වැඩසටහන මහින් පුද්ගලයින් මිලියන 84 කට HIV සදහා පරීක්ෂණ ලබා දී ඇති අතර මිලියන 20කට වඩා පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරුන් කියා සිටියේ වසර 20ක් පුරා ගොඩනඟන ලද වැඩපිළිවෙළක් සති 2කින් බිඳ වැටී යාමෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් පීඩා විදිය හැකි බවයි.

World News

Send your contact Details Today